තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් මගීන් 884 දෙනෙකු අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ පැමිණ තිබූ අතර තවත් ගුවන් මගීන් 495 දෙනෙකු ගත වූ පැය 24 තුළ විදේශ ගත වී තිබුණි .

මෙසේ ශ්‍රී ලංකාවට පැමිණි පිරිස අතර විවිධ රටවල රැකියා සදහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 570 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඊට අමතරව මැදපෙරදිග ඕමානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී විවිධ හිරිහැර , කරදර වලට මුහුණ දී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් , ශ්‍රී ලංකා රජය විසින් කණ්ඩායම් වශයෙන් ගෙන්වන වැඩසටහන යටතේ මෙරටට ගෙන්වා තිබුණි .

ඒ අනුව අද දින අලුයම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි  සිට 314 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

ඊට අමතරව ඊයේ  දින රාත්‍රී ඕමානයේ මස්කට් සිට තවත් එවැනි 252 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . (මෙම සංඛ්‍යාව කටුනායක ගුවන් තොටුපළ සංඛ්‍යාවට ඇතුළත් නොවේ .)

මෙසේ පැමිණි පිරිස කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වල දී කොළඹ සිට පැමිණි නවලෝක , ආසිරි , ලංකා සහ ඩර්ඩන්ස් යන පෞද්ගලික රෝහල් සහ කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි වෛද්‍ය රසායනාගාරයේ දී සෞඛ්‍ය කාර්යය මණ්ඩල විසින්  පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීමෙන් පසුව සංචාරක හෝටල් වෙත නීරෝධායනය කිරීම සදහා යොමු කර තිබේ .

ඒ සමගම අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ ගුවන් මගීන් 495 දෙනෙකු රැකියා , ව්‍යාපාරික සහ අධ්‍යාපන යන අවශ්‍යතා සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .

එම පිරිස අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් , සිඩ්නි ,ජපානයේ නරීටා , චීනයේ ෂැංහයි , කටාර් රාජ්‍යයේ දෝහා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ අබුඩාබි වෙත ද කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .

 

 



Recommended Articles