තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට


මැදපෙරදිග රටවල් තුනක රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 119 දෙනෙකු , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටියදී , ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට 40 දෙනෙකු ද ,කටාර් රාජ්‍යයේ දෝහා සිට 29 දෙනෙකු ද,ඕමානයේ මස්කට් සිට 50 දෙනෙකු ද එසේ පැමිණ තිබුණි .

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව කොළඹ පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව සංචාරක හෝටල් කීපයක් වෙත නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ .

 



Recommended Articles