තවත් ලාංකිකයින් 875 දෙනෙකු දිවයිනට


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පළ අද   දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 17 ක් මගින් ශ්‍රී ලාංකික  ගුවන් මගීන් 875 දෙනෙකු ප්‍රවාහනය කිරීමට කටයුතු කළ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

ඒ අනුව මෙම කා,සීමාව තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 06 කින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 442 දෙනෙකු පැමිණ තිබුණි .

මෙසේ පැමිණි පිරිස අතරින් ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ ගෙන්වා ගෙන තිබූ අතර , ඉතිරි 154 දෙනා රජයේ විශේෂ අවසරය මත කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඒ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 54 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 31 දෙනෙකු ද ජපානයේ නරීටා සිට 30 දෙනෙකු ද මෙම කාලසීමාව තුළ කටුනායක  ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එසේ පැමිණි ගුවන් මගීන් පිරිස පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල මගින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව , නීරෝධායනය සදහා සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ.

එමෙන්ම කටුනායක ගුවන් තොටුපළෙන් මෙම කාලසීමාව තුළ පිටත්ව ගිය ගුවන් යානා 11 කින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 433 දෙනෙකු විදේශ ගත වී තිබුණි .

මෙම පිරිස අතරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත 187 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා වෙත 79 දෙනෙකු ද , මාලදිවයිනේ මාලේ වෙත 24 දෙනෙකු ද , සිංගප්පූරුව වෙත 18 දෙනෙකු ද පිටත්ව ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය .

 



Recommended Articles