තවත් ලාංකිකයින් 504 දෙනෙකු දිවයිනට


ලෝකයේ විවිධ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 504 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත යළිත් ශ්‍රී ලංකාව වෙත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ පැමිණ තිබුණි .

ඒ අතරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි ගුවන් යානා දෙකකින් 144 දෙනෙකු ද , මාලදිවයිනේ මාලේ සිට 31 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 51 දෙනෙකු ද , ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සිට 75 දෙනෙකු ද ,

ජපානයේ නරීටා සිට 203 දෙනෙකු ද මේ ආකාරයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එසේ පැමිණි මෙම පිරිස රජයේ අනුමත කොළඹ පිහිටි පෞද්ගලික රෝහල් වල සෞඛ්‍ය කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව , නීරෝධායනය සදහා සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ.

 



Recommended Articles