තවත් ලාංකිකයින් 248 දෙනෙකු දිවයිනට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 248 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 09 කින් අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ පැමිණ තිබූ බවත්,

කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ගුවන් යානා 08 කින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 343 දෙනෙකු මෙම කාලය තුළ විදේශ ගත වී ඇති බවත් කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .

මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ ගුවන් මගීන් අතර කටාර් රාජ්‍යයේ දෝහා සිට 50 දෙනෙකු ද , ඉන්දියාවේ චෙන්නායි සිට 50 දෙනෙකු සිටියහ .

මෙම ගුවන් මගීන් පිරිස ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායනය සදහා යොමු කර තිබේ .

එමෙන්ම මෙම කාලය තුළ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ගුවන් මගීන් අතර ජපානයේ නරීටා වෙත ශ්‍රී ලාංකිකයන් 130 දෙනෙකු සිටින බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .

 

 



Recommended Articles