තවත් ලාංකිකයින් 197 දෙනෙකු දිවයිනට


විදේශ රටවල රැකියා සදහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 197 දෙනෙකු අද අලුයම ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 107 දෙනෙකු ද , ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට 78 දෙනෙකු ද , ජපානයේ නරීටා සිට 12 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එසේ පැමිණි මෙම පිරිස කොළඹ පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව , සංචාරක හෝටල් වෙත නීරෝධායනය සදහා රැගෙන ගොස් තිබේ .

 



Recommended Articles