තවත් ලාංකිකයින් 148 දෙනෙකු දිවයිනට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 04 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 148 දෙනෙකු මෙරට රජයේ විශේෂ අවසරය මත  අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඒ අනුව ඊයේ  දින රාත්‍රී 11.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 83 දෙනෙකු , ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එසේම අද දින අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ රැදී සිටි එක් ශ්‍රී ලාංකිකයෙකු කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එමෙන්ම ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 52 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.- 607 දරන ගුවන් යානය අද දින අලුයම 3.25 ට සිඩ්නි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ජපානයේ රැදී සිට ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකු රැගෙන නරීටා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානය අද දින අලුයම 3.37 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් මගීන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව කොළඹ නවලෝක පෞද්ගලික රෝහලේ කාර්යය මණ්ඩලයක් විසින් පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කළ අතර , ඉන්පසුව මෙම පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන කටයුතු සදහා රැගෙන ගොස් තිබුණි .

 



Recommended Articles