තවත් ලාංකිකයන් පිරිසක් දිවයිනට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 36 දෙනෙකු මෙරට රජයෙන් ලබා ගත් විශේෂ අවසරය මත ඊයේ  දින මධ්‍යම රාත්‍රීයේ සහ අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු ඊයේ දින රාත්‍රී 11.30 ට පමණ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එමෙන්ම අද දින අලුයම 3.50 ට ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙකු නරීටා සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙසේ පැමිණි ගුවන් මගීන්ගේ පී.සී.ආර්.පරීක්ෂණ කටයුතු සිදු කිරීම සදහා කොළඹ නවලෝක පෞද්ගලික රෝහලේ කාර්යය මණ්ඩලයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර , ඉන්පසුව මෙම පිරිස නීරෝධායන කටයුතු සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .

 



Recommended Articles