තවත් ලාංකිකයන් 309ක් දිවයිනට


ලෙබනනය ඇතුළු තවත් විදේශ රටවල් 03 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 309 දෙනෙකු රැගෙන ගුවන් යානා 05 ක් ඊයේ (14)  මධ්‍යම රාත්‍රී සහ අද (15) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ඊයේ  දින රාත්‍රී 11.35 ට අබුඩාබි නුවර සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 40 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

අද දින අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-668 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලාංකිකයන් 07 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඉන්දියාවේ මුම්බායි සිට අද අලුයම 5.21 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1042 දරන විශේෂ ගුවන් යානයෙන් ගුවන් මගීන් 13 දෙනෙකු පැමිණ තිබුණි .

ඊට අමතරව අද දින අලුයම 5.15 ට දෝහා සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් ද ශ්‍රී ලාංකික ගුවන් මගීන් 04 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඒ සමගම ලෙබනනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 245 දෙනෙකු රැගෙන අද දින උදෑසන 7.30 ට බේරෑට් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1506 දරන විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානා වලින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි සියලුම ගුවන් මගීන් පී.සී.ආර්.පරීක්ෂණ වලට භාජනය කෙරුණි .

 



Recommended Articles