තවත් රෝගීන් 26ක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 26ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාතයනය සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත ආසාදිතන්ගේ සංඛ්‍යාව 1397ක් දක්වා වර්ධනය වී තිබේ. 

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 1395ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 11කි. තවත් රෝගීන් 507ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.



Recommended Articles