තවත් රෝගීන් 18ක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 18ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 538ක් දක්වා වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකාවෙන් රෝගීන් 960ක් වාර්තා වන අතර මේ දක්වා ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 9කි.

තවත් රෝගීන් 413ක් රෝහල්ගතව ප්‍රතිකර ලබමින් පසුවෙයි.

 



Recommended Articles