තවත් ප්‍රදේශ කිහිපයක සංචරණ සිමා ඉවත් කරයි


හුදකලා කර තිබූ තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව කුරුණෑගල නගර සභා සීමාවේ ඉලිප්පුගෙදර සහ කඩවීදිය ග්‍රාම නිලධාරී කොට්ඨාස හැර සෙසු ග්‍රාම නිලධාරි කොට්ඨාසවලට පනවා තිබූ හුදකලා තත්ත්වය ඉවත් කර තිබේ.

එමෙන්ම කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයේ ගලගෙදර, හම්මලව, සහ ඉහළ කළුගමුව යන ග්‍රාම නිලධාරී කොට්ඨාස හැර සෙසු ග්‍රාම නිලධාරී කොට්ඨාසවලද හුදකලා කිරීම ඉවත් කළ බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 



Recommended Articles