තවත් නාවික රණවිරුවන් 26ක් සුවය ලබයි - සමස්තය 177ක්


කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 26 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කළ පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ (15දා) රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

ඔවුන්ගෙන් 20 දෙනෙක් නාවික හමුදා මහ රෝහලෙහිද, 05 දෙනෙකු මුල්ලේරියාව රෝහලෙහිද, එක් නාවික හමුදා පුද්ගලයෙකු හෝමාගම රෝහලෙහිද ප්‍රතිකාර ලබා ගන්නා ලදි.

මෙම නාවික හමුදා පුද්ගලයින් 26 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 177ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

 



Recommended Articles