තවත් නාවික රණවිරුවන් 16ක් සුවය ලබයි - සමස්ත සුවවීම් 237යි


කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් 16 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කළ පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ (20දා) රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

මෙම නාවික පුද්ගලයින් සියළු දෙනාම කොවිඩ් - 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගෙන් 07 දෙනෙකු හෝමාගම රෝහලින්ද,  සිව් දෙනෙකු (04) මුල්ලේරියාව රෝහලෙහිද, තිදෙනෙකු (03) අයිඩීඑච් රෝහලින්ද, තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) වැලිකන්ද රෝහලෙහිද ප්‍රතිකාර ලබා ගන්නා ලදි.

මෙම නාවික හමුදා රණවිරුවන් 16 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 237ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.



Recommended Articles