තවත් චීන සමාගමක් ලංකාවේ ඉන්ධන ව්‍යාපාරයට


ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඉදිරි මාස හතරක කාලයක් සඳහා ඩීසල් නැව් තොග 04ක් මිලදී ගැනීමට අදාළ කොන්ත්‍රත්තුව චීනයේ පෙට්‍රෝ චයිනා සමාගම විසින් හිමිකරගෙන තිබේ.

මේ සඳහා ලංසු පහක් ඉදිරිපත්ව ඇති අතර ඒ අතරින් සිංගප්පූරුවේ සිට ක්‍රියාත්මක පෙට්‍රෝ චයිනා සමාගමට එම කොන්ත්‍රාත්තුව ලබාදීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත්කර ඇති විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව නිර්දේහ කර තිබේ.

මේ වන විට ශ්‍රි ලංකාවේ ඉන්ධන ව්‍යාපරය සඳහා චීනයේ සිනෝ පෙක් සමාගමද එක්ව තිබේ.

 

 



Recommended Articles