තවත් කොවිඩ් මරණ 7ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ හතක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 615ක් දක්වා වර්ධනය වී තිබේ.

පස්යාල පදිංචි අවුරුදු 69ක පිරිමි පුද්ගලයෙක්, රත්නපුර පදිංචි අවුරුදු 76ක පිරිමි පුද්ගලයෙක්, කල්මුණ පදිංචි අවුරුදු 60ක පිරිමි පුද්ගලයෙක්, කලවාන පදිංචි අවුරුදු 75ක කාන්තාවක්, තොන්ඩයිමනරු පදිංචි අවුරුදු 63ක පිරිමි පුද්ගලයෙක්, තලංගම පදිංචි අවුරුදු 86ක පිරිමි පුද්ගලයෙක්, චාවකච්චේරි පදිංචි අවුරුදු 59ක කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles