තවත් කොවිඩ් මරණ 43


ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 43ක් තහවුරු කර තිබේ. මෙම මරණ ඊයේ (22දා) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,002ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ මිය ගිය පුද්ගලයන් අතර පිරිමි අය 26 දෙනෙක් සහ කාන්තාවෝ 17 දෙනෙක් සිටියි.

මියගිය අයගෙන් 35 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන අට දෙනක් ද වෙති.



Recommended Articles