තවත් කොවිඩ් ආසාදිතයෙක් හමුවෙයි - 322ක් දක්වා ඉහළට


අද දිනයේදි කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයෙක් හමුවී තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 12ක් හමුවී තිබේ.

වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 322කි. ඉන් 11ක් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වන අතර ඔවුන් බේරුවල පදිංචිකරුවෝ වෙති.

අනෙක් රෝගියා පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකි.



Recommended Articles