තවත් කොවිඩ් ආසාදිතයින් 297 දෙනෙක්


අද (09) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 297ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 279ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 18ක් වශයෙන් හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 47,602කි



Recommended Articles