තවත් කණ්ඩායම් දෙකක් කොරියාවට


‍ශ්‍රී ලංකා ශ්‍රමිකයින්ට කොරියානු රැකියා ලබාදීමේ වැඩසටහනට සමගාමීව රැකියා ගිවිසුම් අත්සන් කිරිම මේ වන විට අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.

කොරියානු රැකියාලාභීන් 200 දෙනෙකුගේ රැකියාවලට අදාල ඇප බැඳුම්කර අත්සන් කිරිම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී අද දින (22)  සිදු විය.

මේ අතර 131 දෙනකුගෙන සමන්විත තවත් කණ්ඩායම් දෙකක් 2022.07.26 හා 27 දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිතය. මේ වසරේදී රැකියා සඳහා ශ්‍රමිකයින් 3564 දෙනකු දකුණු කොරියාවට පිටත්ව ගොස් තිබේ. 



Recommended Articles