තවත් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,000ක් දිවයිනට


ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,000 ක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානය 08/07 දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ජපානයේ නරීටා නුවරින් 08/07 උදෑසන 11.23 ට පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානය , සවස 04.17 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ලෝක සෞඛ්‍ය සංවිධානයේ  " කොවැක්ස් " පහසුකම යටතේ සහ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා , ජපාන රජයෙන් කළ ඉල්ලීම මත මෙම එන්නත් තොගය මෙසේ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ .

මෙම එන්නත් තොගය භාර ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ද මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles