තවත් ආසාදිතයින් 312ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 312 දෙනෙකු අද (17) දිනයේදී හඳුනාගෙන තිබේ.

ඉන් 300 දෙනෙකු මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ය.

තවත් 12 දෙනෙකු හඳුනාගෙන තිබුණේ බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් බව වාර්තා වේ. 

ඒ අනුව මෙරට දී හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 35,000 සීමාව ඉක්මවා ගියේය. එම සංඛ්‍යාව 35,049කි.

 



Recommended Articles