තවත් 12කට ජපන් දොර ඇරෙයි


ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යාමට නියමිත ශ්‍රී ලාංකිකයින් දොලොස් දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේදී සිදුකරන ලදී.

මෙම පිරිස ජපානයේ  තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යන 34 වන කණ්ඩායම වන අතර, මෙම කණ්ඩායමට සාත්තු සේවා පුහුණු ලාභීන් 8 දෙනෙකු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ලාභීන් 4 දෙනෙකු අයත් වේ.

ජපානයේ පිහිටි IM ජපන් ආයතනය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර 2017 වර්ෂයේ ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව තාක්ෂණික සේවාස්ථ පුහුණු ලාභීන් ජපානය වෙත යොමුකරන අතර, මේ වන විට පුහුණු ලාභීන් 350ට අධික පිරිසක්  තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යොමුකර ඇත.

නියමිත  පුහුණු කාලසීමාව සාර්ථකව අවසන්කර මෙරටට පැමිණි පුහුණුලාභින්,ව්‍යවසායකයින් කිරිමේ වැඩපිළිවෙලක්ද  මෙම පුහුණු වැඩසටහන යටතේ ක්‍රියාත්මකව පවති.



Recommended Articles