තරුණයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමෙන් පසු මඩකලපුව නොසන්සුන්


මඩකලපුවේ මූලස්ථාන පොලිස් කොට්ඨාශය බල ප්‍රදේශයේ  කල්ලඩි ප්‍රදේශයේ එල්ලී මිය ගිය තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

මඩකලපුව කල්ලඩි ජීවී පෞද්ගලික රෝහල ඉදිරිපිට අද උදෑසන මළ සිරුර හඳුනා ගැනීමෙන් පසු ප්‍රදේශයේ නොසන්සුන් තත්වයක් ඇති විය. 

වාණිජ ආයතන රාශියක් පිහිටා ඇති ප්‍රදේශයේ උස් ස්ථානයක එල්ලී මිය ගිය මළ සිරුර සොයා ගෙන ඇත. 

අක්කරෙයිපත්තු සමෘද්ධි පාරේ පදිංචි 22 හැවිරිදි මුකුන්දන් සන්තෝෂ් නම් තරුණයාගේ  සිරුර බව හඳුනාගෙන තිබේ. 

මඩකලපුව මූලස්ථාන පොලිසිය සහ අපරාධ ස්ථාන  පරීක්ෂණ කොට්ඨාශය එම ස්ථානයට ගොස් දැඩි පරීක්ෂණ පැවැත්වීය. විශාල පිරිසක් එම ස්ථානයට රැස් වූ අතර නොසන්සුන් තත්වයක් ඇති විය.

මඩකලපුව  වාර්ථාකරු ට් එල් ජව්ෆර්කාන්



Recommended Articles