තරුණ යුවළක් දුම්රියට පනියි - තරුණිය මරුට


උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල  දුම්රිය ස්ථානය හා බදුල්ල දුම්රිය ස්ථානය අතරදී අද  (19දා)  සවස   තරුණයෙක් හා තරුණියක් දුම්රියේ ගැටී ඇති අතර තරුණිය එම ස්ථානයේදීම මියගොස් ඇත .

යුධ හමුදා සාමාජිකයෙක් වන ,හෙලවත්ත, හපුතලේ ගම හපුතලේ  පදිංචි වීරසේකර මුදියන්සේලාගේ  ලක්ෂාන් ධනංජය වීරසේකර නමැති  21 හැවිරිදි තරුණයා  බරපතල තුවාල සහිතව  බදුල්ල මහරෝහලට ඇතුලත් කර තිබේ .

මොවුන් දෙදනා එකවරම දුම්රියට පැන්න බව දුම්රිය රියදුරා පොලීසියට පවසා තිබේ. හාලිඇල පොලිසිය පරික්ෂණ පවත්වයි.

පාලිත ආරියවංශ



Recommended Articles