තරුණ තරුණියන් කොවිඩ් එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක්


තරුණ තරුණියන් කොවිඩ් එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි.

එන්නත්කරණයෙන් සාපල්‍යතා ගැටලු මතුවෙන බවට තරුණයන් තුළ මතු ව ඇති සැකයක් හේතුවෙන් මෙලෙස සිදු වන නමුත් ලොව කිසිදු පර්යේෂණයකින් එවැනි සාපල්‍යතා ගැටලු මතුවෙන බවට තහවුරු වී නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles