තරගාවලිය අයි.පී.එල්. වෙන්දිසියට කලින් තිබුණනම් දසුන්ව මිලදි ගැනීමට කණ්ඩායම්වලට සල්ලි මදිවේවි


ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය ඉන්දීය ප්‍රිමියර් ලිග තරගාවලියේ ක්‍රිඩක වෙන්දේසියට පෙරාතුව තිබුණානම් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මිලදී ගැනීම වෙනුවෙන් කණ්ඩායම්වලට මුදල් මදිවීමට ඉඩ තිබුණ බව ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් පවසයි.

ඉන්දීය තරගාවලියේදි දසුන් ශානක පිත්තෙන් දක්ෂතා දැක්වීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. 

ඔහු පිතිකරණයේ යෙදෙන ආකාරය ගත්විට ඔහු මිලදි ගැනීමට මට මුදල් මදි වෙන්න ඉඩ තිබුණා. ඔහු ඒ තරම් මිල අධික වෙන්න තිබුණා. 

හිතන්න මෙම තරගාවලිය වෙන්දේසියට කලින් තිබුණා නම් ඇතැම් කණ්ඩායම්වලට ඔහු මිලදි ගැනීමට මුදල් නොමැති වෙන්න ඉඩ තිබුණා" යැයි ඔහු පැවැසීය.

 

 

 



Recommended Articles