තරගයට යතුරුපැදි ධාවනය කළ 36 දෙනාට ඇප


බිමල් ෂ්‍යාමන් ජයසිංහ

පිළියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ පෙරේදා රාත්‍රියේ  යතුරු පැදි තරගයක් පැවැත්වූ තරුණයන් 36 දෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට  මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කලේය

එම තරුණයන්ගේ දෙමව්පියන්ට තම දරුවන් මීට වඩා හොඳින් බලා ගන්නා ලෙසට මහෙස්ත්‍රාත්වරයා  අවවාද කලේය.

මුහුණු  පොත හරහා සංවිධානය කර තිබූ මෙම යතුරු පැදි තරඟය සදහා තරුණයන් 50 ක් පමණ සහභාගී වී ඇති අතර වැටලීමත් සමගම ඉන් කිහිපයක් දෙනෙක් පලාගොස් තිබිණි .



Recommended Articles