තරග පාවාදීම ගැන ජනපති කොමිෂමක් පත්කරන්න


2011 ක්‍රිකට් ලෝක කුසලානය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කර පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.

අද (22දා) ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේගයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

රටේ ක්‍රිකට් පාවාදීමක් සිදු වුණා නම් ඒ සම්බන්දව බලපෑම් සිදුකල පාර්ශවයන් හෙලිදරව් කළ යුතු බවද තිස්සඅත්තනායක මහතා එහිදී වැඩිදුරටත් සදහන් කළේය.



Recommended Articles