තරංගාකාර කැළඹීම හේතුවෙන් වැසි වැඩිවිම ගැන අවවාදාත්මක නිවෙදනයක්


තරංගාකාර වායුගෝලීය කැළඹීම හේතුවෙන් නැගෙනහිර, ඌව හා දකුණු පළාත් හා රත්නපුර, කළුතර, නුවරඑළිය, මාතලේ හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි. මෙම අනතුරු ඇඟවීම හෙට (16දා) පෙරවරු 8 තෙක් වලංගු වෙයි.



Recommended Articles