තඹුත්තේගම කොල්ලයට තවත් අයෙක් අල්ලයි


තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට සම්බන්ධව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීිසිය පවසයි.

මේ අනුව එම කොල්ලය සඳහා පැමිණි සැකකරුවන් දෙදෙනාද සමගින් මෙම සිදුවීමට සම්බන්ධව මේ වන විට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අද අලුයම් කාලයේදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජාංගණය ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

ඔහු එම කොල්ලය සඳහා ආධාර අනුබල දීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අද (27දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



Recommended Articles