තමන්ට ලැබුණ රු 5000 වෙනත් පවුලකට දුන් අම්මා


තමන්ට රජයෙන් ලැබුණු රුපියල් 5000 සේ දීමනාව තමන්ට වඩා අග හිගකම් ඇති පවුලක් වෙත පරිත්‍යාග කිරීමට අම්බලන්තොට මානජ්ජාව ග්‍රාම නිලධාරී වසමේ මවක් කටයුතු කරන ලදී.

අම්බලන්තොට මානජ්ජාව වසමේ පදිංචි පී. එම්. කුසුමාවතී නමැති මවක් විසින් තම ප්‍රදේශයේම පදිංචි දුප්පත් පවුලක් වෙත මානජ්ජාව සේවා පියස තුළදී  තමන්ට ලැබුණු රුපියල් 5000  එම ස්ථානයේදීම පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී.

ඇය  කියා සිටියේ තමන්ට දරුවන් සළකන බැවින් අඩුපාඩුවක් නැති නිසා මෙම 5000 දීමනාව තමන්ට වඩා දුප්පත් කෙනෙකුට දීමට කටයුතු කර බවයි.



Recommended Articles