තම පියාට පහරදුන් දියණියට සහ මිනිපිරියට ඇප


නාරාහේන්පිට දාබරේ මාවතේදී සිය පියාට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු කාන්තාව සහ ඇයගේ දියණිය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහැර තිබෙනවා.

ඒ, ඔවුන් අලූත්කඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම කාන්තාව සහ ඇගේ දියණිය, වයෝවෘද්ධ පියාට පහර දෙන වීඩියෝවක් සමාජය මාධ්‍ය ඔස්සේද හුවමාරු වුණා. පහර කෑ පියා පසුව ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහුට සිය දියණිය හා මිණිබිරිය එලෙස පහරදී තිබුණේ සිය නිවස ඉදිරිපිටදීයි. මෙම මෙම වයෝවෘද්ධ පියා, ඔහුගේ දියණිය සහ මිනිබිරිය එකම නිවසේ වෙන් වෙන්ව දිවිගෙවන බවයි පොලීසිය පැවසුවේ.

 



Recommended Articles