තනි තනිව තමන්ගේ කොටස ඉටු කරනවා වෙනුවට සාමූහිකව තීන්දු තීරණ


කමිටුවල ගන්නා තීරණ ක්‍රියාත්මක විය යුතු බවත්, එහිදී තනි තනිව තමන්ගේ කොටස ඉටු කරනවා වෙනුවට සාමූහිකව තීන්දු තීරණ ගෙන කාල රාමුවක් තුළ ගැටලුවලට විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කොළඹ දිස්ත්‍රික් කසළ කළමනාකරණය සම්බන්ධයෙන් නොවැම්බර් 18 වන දින පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

දිරාපත් වන කසළ නිසි ලෙස බැහැර කිරීම, ඒ සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීම සහ වැසි ජලය නිසා ඇති වන ගංවතුර තත්ත්වය පාලනය කිරීම ආදී කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි.


 



Recommended Articles