තදබදය අඩු කරන්න නිදහස දුන් සිරකරුවන් වරදකරුවන් වී යළිත් බන්ධනාගාරයට ඇවිත්


 ​බ්‍රිතාන්‍යයේ බන්ධනාගාර තදබදය අවම කිරමේ අරමුණින්  පූර්ව නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය යටතේ නිදහස් වූ සිරකරුවන් යළි වරදකරුවන් බවට පත්ව බන්ධනාගාරයට පැමිණීම සීඝ්‍රයෙන් සිදුවන බව බන්ධනාගාර පාලකයින් බීබීසී වෙත පවසා තිබේ.

තදබදය අඩු කිරීම සඳහා 2024 පූර්ව නිදහස් කිරීමේ යෝජනා ක්‍රමයේ කොටසක් ලෙස නිදහස් කරන ලද එම රැඳවියන්ම නැවත වරදක් කිරීමෙන් පසු නැවත පැමිණෙන බව බන්ධනාගාර නිලධාරි පවසයි.

එංගලන්තයේ සහ වේල්සයේ බන්ධනාගාර 97% කට වඩා රැද වියන්ගෙන් පිරී තිබේ. විදේශීය සිරකරුවන් පිටුවහල් කිරීමෙන් සහ අවිනිශ්චිත සිර දඬුවම් විඳිමින් සිටින සමහරුන් නිදහස් කිරීමෙන් වැඩි බන්ධනාගාර
 ඉඩක් නිර්මාණය කිරීමට සැලසුම් ඇති බව රජය පවසයි.



Recommended Articles