තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්


තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද පෙරවරු 8.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට දින පෙරවරු 8.00 තෙක් වලංගු වෙයි.

උතුරු පළාත, අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්කවලට මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ. මෙම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.



Recommended Articles