තංගල්ලේ අහඹු පීසීආර් පරීක්ෂණ 43ක්


තංගල්ල නගරය ආශ්‍රිතව අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ සඳහා පුද්ගලයන් 43කගේ සාම්පල ලබා ගැනීම අද (27) සිදුකෙරිණි.

තංගල්ල ධීවර වරාය සහ තංගල්ල බස් නැවතුම්පොළ ආශ්‍රිතව මෙම සාම්පල ලබා ගැනීම සිදුකෙරිණි. තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු කොරෝනා ආසාධිත බවට හඳුනාගැනීම හේතුවෙන් මෙම පරීක්ෂණ සිදුකෙරිණි.

හම්බන්තොට දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැඳිගේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත ජයසිංහ සහ තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතාගේ මූලිකත්වයෙන් මෙම පරීක්ෂණ සිදුකෙරිණි.

අනීෂා මානගේ

 



Recommended Articles