තංගල්ල මුහුදේ දියනෑමට ගොස් අතුරුදහන් වු තරුණයාගේ සිරුර සොයා ගැනේ


තංගල්ල ගොයම්බොක්ක මුහුදු තීරයේ දියනෑමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර අද (23) සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.

තංගල්ල ගොයම්බොක්ක මුහුදු තීරයේ තවත් යහළුවන් 6 දෙනකු සමඟ දියනෑමට ගොස් බෙලිඅත්තේ පදිංචි 21 හැවිරිදි තරුණයකු ඊයේ අතුරුදන් විය.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ බෙලිඅත්ත ගල්වැව ප්‍රදේශයේ පදිංචි ප්‍රමුදිත උෂාන් කොඩිතුවක්කු නම් තරුණයෙකි.

මෙම තරුණයා සමඟ තවත් තරුණයකු දිය රළකය හසුව ගසාගෙන ගොස් ඇති අතර ඔහු මේ වන විට තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

තංගල්ල කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරිහු අතුරුදන් වූ තරුණයාගේ සිරුර අද සොයාගත්හ.

අනිෂා මානගේ 



Recommended Articles