ණයහිමියන් සමග සාකච්ඡාව IMF ඇගයීමට


ණය හිමියන් සමඟ “සහයෝගී සංවාදයක” නිරත වීමේ ශ්‍රී ලංකාවේ සැලසුම්වලට සහය දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) බදාදා (13) ප්‍රකාශ කළේය.

ශ්‍රි ලංකාව විදේශීය ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බවට නිවේදනය කිරිමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ බව ප්‍රකාශ කලේය.

"ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවන බව අපි තක්සේරු කළා. රටේ මූල්‍ය ප්‍රයත්නයන් සහ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ගැලපීම් වලින් පමණක් ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කළ නොහැකියි” යැයි ශ්‍රී ලංකාව සඳහා IMF හි දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි මහතා  රොයිටර් පුවත් සේවයට පැවසීය.

"එබැවින්, ශ්‍රී ලංකා බලධාරීන් ඔවුන්ගේ ණය හිමියන් සමඟ සහයෝගී සංවාදයක නිරත වීමට සැලසුම් කිරීම අපි සාදරයෙන් පිළිගනිමු," යැයිද ඔහු පැවැසීය



Recommended Articles