ණය ප්‍රතිව්‍යුහගත යෝජනාව අද මුදල් කාරක සභාවට


ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව අද (29දා) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.

එම රැස්වීම පස්වරු 2.00 පාර්ලිමේන්තුවේදී ආරම්භවීමට නියමිතය‍. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) රැස්වු විශේෂ කැබිනට් රැස්වීමේදී ඒකමතික අනුමැතිය ලැබුණි්‍

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාවලියට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවීමෙන් පසු එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.මේ සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ සභා වාරයක් එළඹෙන සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වෙන බව විශේෂ ගැසට් නිවේදනයක් මගින් දන්වා තිබේ.

 



Recommended Articles