ඩෝනියර් යානය 15 දා ගුවන් යානා ඇණියට


ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද ඩෝනියර් 228 සමුද්‍රිය මුර සංචාරක ගුවන් යානය ලබන 15 වෙනිදා නිල වශයෙන් ගුවන් යානා බල ඇණියට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ගුවන් යානය භාරදීමට නියමිතව තිබේ. ශ්‍රි ලංකා රජය ඉන්දියාවෙන් කළ ඉල්ලීමක් අනුව මෙම ගුවන් යානය ලංකාවට ලබාදුන්නේය. මෙවැනිම ආකාරයේ තවත්ය ගුවන් යානයක් ලංකාවට ලබාදීමට නියමිතය.  ‍



Recommended Articles