ඩොලර් මිලියන 400ක ට්‍රම්ප්ගේ උත්සව ශාලාව ඉදිකිරිමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර


ධවල මන්දිරයේ ඩොලර් මිලියන 400 (£ මිලියන 297) ක උත්සව ශාලාවක් (බෝල් රූම්) ඉදිකිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තිරණය ඉදිරියට යා හැකි බවට එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ව්‍යාපෘතියේ භූගත කොටසක ඉදිකිරීම් නතර කිරීමට ඉඩ තිබූ පහළ අධිකරණ තීන්දු අවහිර කරමින්, ට්‍රම්ප් පරිපාලනයේ හදිසි ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලකින් විනිසුරුවරු හතරක් අවසර දුන්හ.

ඓතිහාසික සංරක්ෂණය සඳහා වූ ජාතික භාරය නීතිමය අභියෝගයක් ගොනු කළේ, ජනාධිපතිවරයාට ඉදිකිරීම් කටයුතු කරගෙන යාමට ඒකපාර්ශ්වික බලයක් නොමැති බවට තර්ක කරමිනි.

පසුගිය සරත් සෘතුවේ දී ට්‍රම්ප්  ධවල මන්දිරයේ ඓතිහාසික නැගෙනහිර කොටස කඩා දමා උත්සව ශාලාව ඉදිකිරීම ආරම්භ කළේය. ධවල මන්දිරය පවසා ඇත්තේ නොවැම්බර් වන විට ව්‍යාපෘතිය "සැලකිය යුතු ලෙස" අවසන් කර 2028 අගෝස්තු වන විට
 සම්පූර්ණයෙන්ම අවසන් කරන බවයි.

සිකුරාදා, ශ්‍රේෂ්ඨාධිකරණය වර්ග අඩි 90,000 (වර්ග මීටර් 8,400) ක උත්සව ශාලාවේ ඉදිකිරීම් කටයුතු ඉදිරියට ගෙන යාමට තාවකාලිකව අවසර දී ඇත.

සඳුදා අත්සන් නොකළ නියෝගයේ දී, ඉදිකිරීම් සඳහා මාර්ගය පැහැදිලි කළ විනිසුරුවරුන් පස් දෙනා පැවසුවේ පහළ අධිකරණ උත්සව ශාලාව අවහිර කිරීමේදී ඔවුන්ගේ අධිකාරිය "බොහෝ විට ඉක්මවා ගොස් ඇති" බවයි.



Recommended Articles