ඩොලර් ගේන විදේශිකයන්ට නේවාසික වීසා


ශ්‍රී ලංකාවේ ඩොලර් හිඟයට විසඳුමක් ලෙස විදේශිකයන් සතු ඩොලර් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම වෙනුවෙන් වැසටහන් දෙකක් ශ්‍රී ලංකාව හඳුන්වා දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ස්හාධිපත්‍ය දේපළ වල ආයෝජනය කරන්නන්ට හා ශ්‍රී ලංකාවේ ඩොලර් තැන්පත් කරන්නනට මේ අනුව නේවාසික වීසා ලබාදීමට නියමිතය.

ඒ අනුව ස්හාධිපත්‍ය දේපළ වල ඇමෙරිකානු ඩොලර් 75000 සිට 100000ක් දක්වා ආයෝජනය කරන්නන් වෙත අවුරුදු 5-10 දක්වා නේවාසික වීසා ලබාදීමට නියමිතය.

එසේම ශ්‍රී ලංකාවේ බැංකු තුළ ඇමෙරිකානු ඩොලර් 100000ක් තැන්පත්කරන්නට අවුරුදු 10ක නේවාසික වීසා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.



Recommended Articles