ඩොලරයේ විකුණුම් මිල රු. 354 ඉක්මයි


‍මාස ගණනාවකට පසුව ඩොලරයේ විකුණුම් මිල අද දිනයේදි යළිත් රුපියිල් 350 සීමාව ඉක්මවා ගොස් රුපියල් 354.03ක් බවට පත්ව තිබේ. මහ බැංකුවේ විනිමය අනුපාත අනුව ඩොලරයක ගැණුම් මිල රුපියල් 342 ක් බවට පත්ව තිබේ. මැදපෙරදිග යුදමය තත්ත්වයත් සමග ඉන්ධන මිල ඉහළ යාම, සංචාරක ආදායම පහළ යාම, ආනයනකරුවන් ඩොලර් රට තුළට ගෙන්වීම පමා කිරීම මෙන්ම ශ්‍රමික ප්‍රේෂණ පහළ යාම හේතු නිසා ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් මසේ ඩොලරයේ විකුණුම් මිල ඉහළ ගොස් තිබේ.



Recommended Articles