ඩොලරය 160ට අඩුවෙයි


ඩොලරයට සාපේක්ෂව වාර්තාගත ලෙස ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම ක්‍රමයෙන් අඩුවෙමින් තිබේ. ඒ අනුව අද (25දා) වන විට ඩොලරයක විකුණුම් මිල රුපියල් 160.39ක් දක්වා අඩුවිය.

පසුගිය (18දා) වන විට ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතවල ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 161.008ක් ලෙස සටහන් විය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් ගෙවීමට සිදුවන ඉහළම මිල විය.ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලා නොඒම මේ සඳහා හේතුව වී තිබේ.

අපනයන ඉක්මවා ආනයන රට තුළට ගලා ඒම, විදේශ විනිමය රටට නොලැබීම, රට තුළ පවතින ආර්ථික හා දේශපාලන අර්බුද මෙන්ම සෘජු විදේශ ආයෝජන නොලැබීම මේ සඳහා බලපාන හේතු අතර වෙයි. 

 

පසුගිය මාස කිහිපය තුළ දිගින් දිගටම රුපියල අවප්‍රමාණය විය. එය රුපියල් 156, 157, 158 හා පසුගිය මාසයේදී හා මේ මාසයේ මුල්දින කිහිපයේදී ඩොලරයක විකුණුම් මිල 159ක් 160ක් හා 161ක් ලෙස දැක්විණ.

මීට අමතරව ඩොලරයක ගැනුම් මිල රුපියල් 157.300ක් ලෙස සටහන් විය.



Recommended Articles