ඩෙල්ටා මෙරටදී වෙනස්කම්වලට සිදු කළ පරීක්ෂණයේ වාර්තාව අද


නව ඩෙල්ටා ප්‍රභේදය මෙරටදී වෙනස්කම්වලට ලක්ව ඇත්දැයි සොයා බැලීම සඳහා සිදු කළ පරීක්ෂණයේ වාර්තාව අද(20) නිකුත් කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසා සිටියි.

නව ප්‍රභේද මෙරට තුළ ඇද්ද යන්නද එම පරීක්ෂණ තුළින් සොයා බලන බව එහි ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කර සිටියේය.

කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් එම පරීක්ෂණය සඳහා සාම්පල ලබා ගත් බව අචාර්ය චන්දිම ජිවන්දර මහතා වැඩිදුරටත්  සඳහන් කර සිටියේ​ය.



Recommended Articles