ඩෙල්ටා ප්‍රභේදය සුලභව පැතිර යාම බලාපොරොත්තු විය යුතුයි


ලෝකයේ බොහෝ රටවල මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය ප්‍රමුඛ ප්‍රභේදය බවට පතවෙමින් ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවට පමණක් එයින් ගැලවීමට හැකියාවක් නොමැති බවත් ඩෙල්ටා ප්‍රභේදය ඉදිරියේ දී මෙරට තුළ සුලභ වශයෙන් පැතිරයාම බලාපොරොත්තු විය යුතු බවද ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියේ​ය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ දැනට භාවිතා කරන එන්නත් සියල්ලම එම වෛරස ප්‍රභේදය සඳහා ප්‍රතිචාර දක්වන බව විද්‍යාඥයින් පෙන්වාදී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.

 



Recommended Articles