ඩෙල්ටා ගුවන් සේවයේ ගුවන් යානයක එංජිමක් ගිනි ගනියි


ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපොළින් ගමන් ආරම්භ කළි ඩෙල්ටා ගුවන් සේවයේ ගුවන් යානයක් ගුවන් ගත වීමේදී එක් එන්ජිමක ගින්නක් ඇතිවීමෙන් පසු ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපළට ආපසු ගොඩ බස්සවා තිබේ.

වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ බෝයිං 767-400 ගුවන් යානය ලොස් ඇන්ජලිස් සිට ඇට්ලන්ටා බලා යමින් සිටයිද‍ි වම් එන්ජිමෙන් ගින්නක් ඇතිව තිබේ. පසුව යානය ලොස් ඇන්ජලීස් ධාවන පථයට ආරක්ෂිතව ගොඩ බැස්සේය. ගින්න මැඩ පවත්වා ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

 



Recommended Articles