ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන බවත් එහිදී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළ රෝගය වැඩි වශයෙන් පවතින බවට නිරීක්‍ෂණය වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් එම අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන් කර සිටියේ රෝග වැලඳී ඇති පුද්ගලයින් සියලු දෙනා කොතෙක්ද යන්න වාර්තා නොවන බවයි.
ඒ අනුව වැසි තත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්වවල මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ සමාන වන බැවින් උණ, හිසරදය, ඇඟපත වේදනාව සහ වමනය දින දෙකකට වැඩි කාලයක් පවතීනම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.
මේ අතර චිකුන්ගන්යා රෝගය වැලඳුනහොත් NSAID කාණ්ඩයට අයත් බෲෆන්, ඩයික්ලු ෆැනක් සෝඩියම්, මෙෆැණිමික් ඇසිඩ් වැනි ඖෂධ ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙසට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කරයි.
එම කාර්යාංශය ඉල්ලා සිටින්නේ උණ සහ හන්දි වේදනාවට පැරසිටමෝල් පමණක් භාවිත කරන ලෙසත් ගර්භිණී මව්වරුන්, කුඩා දරුවන්, වයස අවුරුදු 65ට වැඩි වැඩිහිටියන් සහ වෙනත් නිදන් ගත රෝගවලින් පෙළෙන අය සෑම විටම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසයි.
මෙම රෝගීන් හැකිතාක් දියර වර්ග පානය කළ යුතු බවත් ජීවනී හෝ ජලය නියමිත පරිදි ලබාදීමෙන් විජලනය වළක්වා ගත හැකිවනු ඇති බවත් එම කාර්යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.