ඩෙංගු රෝගීන් 50000 ඉක්මවයි


මේ වසරේ ගෙවීගිය කාලය තුළදී ඩෙංගු රෝගීන් 50,264ක් හා ඩෙංගු නිසා පුද්ගල මරණ 31ක් වාර්තා වී තිබෙන බවත්, මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය 11,003ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ මස 01වැනිදා සිට ඊයේ (05දා) දිනය දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් 944ක් වාර්තා වී තිබෙන අතර, සමස්ත රෝගීන්ගෙන් 49.8%ක් වාර්තා වී තිබෙන්නේ, බස්නාහිර පළාත තුළිනි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 10,801ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,244ක් වාර්තා වී තිබෙන අතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස බල ප්‍රදේශ 43ක් ඩෙංගු පැතර යාමේ අවදානම් තත්ත්වයක් පවතින බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

පසුගිය වසර තුළදී ඩෙංගු රෝගීන් 76,689ක් වාර්තා වී තිබෙන අතර, එම ප්‍රමාණයෙන් රෝගීන් 37,058ක් බස්නාහිර පළාත තුළින් වාර්තා වී තිබෙන බවත්, එය ප්‍රතිශතයක් ලෙස සමස්ත රෝගීන්ගෙන් 45.52%ක් වේ.

පසුගිය වසර තුළදී ගම්පහ දිස්ත්‍රික්කය තුළින් රෝගීන් 13,317ක් හා කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,456ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,285ක් වාර්තා වී තිබේ.  



Recommended Articles